Saturday, May 4, 2024

General line - 0115112241

කොළොන්නාවේ වෙඩි තැබීමක්




වැල්ලම්පිටිය පොලිස් වසමේ කොළොන්නාව, සිංහපුර, සිංහකට අසල සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කොළොන්නාව, ආනන්දාරාම මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. එම පුද්ගලයාගේ වම් අතේ  මැණික් කටුව අසලට වෙඩි වැදි ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.