Saturday, May 4, 2024

General line - 0115112241

ඩෙංගුවලින් ආරක්‍ෂා වෙන්න බස්නාහිර පාසල් සිසුන්ට තවත් ඇඳුමක්




ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂාවීම සදහා ශරීරය ආවරණය වන සේ  නිල ඇදුමට යටින් සුදුසු ලා පැහැති ඇදුමක් ඇදීම සදහා බස්නාහිර පළාතේ පාසල් සිසුන්ට අද සිට අවසර ලබාදී තිබෙනවා. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න පැවසුවේ බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තියේ සීග්‍ර වර්ධනය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂඥ කමිටුවේ තීරණයකට අනුව එම අවසරය ලබාදී ඇති බවයි.