Saturday, May 4, 2024

General line - 0115112241

ටයිටැනික් ළඟ අතුරුදන්වූ සබ්මැරීනයේ බලාපොරොත්තු පැය 20 කට අඩුවෙයි




අත්ලන්තික් සාගරයේ ගිලී ගිය සුප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් ලොව ප්‍රකෝටිපතියන් සමඟ අතුරුදන්වූ සබ්මැරීනයේ සිටින පිරිස් නිරුපද්‍රිතව බේරා ගැනීමට ඇති කාලය මේ වන විට සීමා සහිත වෙමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ සබ්මැරීනය තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණවත් වන්නේ තවත් පැය 20කටත් වඩා අඩු කාලයකට බවයි. 

සබ්මැරීනය අතුරුදන්වූ බව පැවසෙන ප්‍රදේශයෙන් ශබ්ද කිහිපයක් ශ්‍රවණය වූ බව අමෙරිකානු වෙරළාක්ෂක බලකාය අලුතින් තහවුරු කර තිබෙනවා. එහෙත් ශ්‍රවණය වූ ශබ්ද, සබ්මැරීනයෙන් නිකුත්වූ ඒවාදැයි මෙතෙක් නිෂ්චිතව තහවුරු වී නැහැ.

කෙසේවෙතත් සබ්මැරීනය බේරාගැකීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. මේ වන විට මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 04 ක් ගැඹුරට මුහුදු පතුලේ මෙහෙයුම් සිදුකිරීම ආරම්භ කර තිබෙනවා. මුහුද මතුපිට මෙහෙයුම් සිදුරන සීමාවද පුළුල් කර ඇති අතර එය වර්ග කිලෝමීටර් 13,023 කට අධිකයි.
මෙලෙස අතුරුදන්වූයේ “ඕෂන් ගේට්” නම් සමාගම සතු සබ්මැරීනයක්. එහි සිට ඇති සංඛ්‍යාව පස්දෙනෙක්. ඒ අතරට බි්‍රතාන්‍ය ප්‍රකෝටිපතියෙකු, පාකිස්තාන ප්‍රකෝටිපති පියපුතු දෙපළක්, ප්‍රංශ ගවේෂකයෙකු සහ සබ්මැරීනය අයත් සමාගමේ ප්‍රධානියෙකුද අයත්.