Friday, May 3, 2024

General line - 0115112241

ටයිටැනික් සොයා ගිය සබ්මැරීනයේ ඔක්සිජන් පැවති කාලය අවසන්




අත්ලන්තික් සාගරයේ ගිලී පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් බැලීමට ගිය සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාවේ ඔක්සිජන් පැවැති බවට නිගමනය කල කාලය අවසන් වී තිබෙනවා.

එම යාත්‍රාව තුළ ඔක්සිජන් පවතින කාලය ලෙස නිගමනය කර තිබුණේ පැය 96 ක්.

යාත්‍රාව අතුරුදන් වූයේ ඉකුත් ඉරිදායි.

ඒ අනුව ජීවිතාරක්ෂක කණ්ඩායම් කාලය සමග සටනක නිරත වූ අතර ඔවුන් අපේක්ෂා කළේ ඔක්සිජන් පවතින කාලය අවසන් වීමට පෙර යාත්‍රා සොයා ගැනීමටයි.

ඒ අනුව කාල ගණනයට අනුව බ්‍රිතාන්‍ය වේලාවෙන් අද දහවල් 12 යි 08 ටයි යාත්‍රාවේ තිබූ ඔක්සිජන් අවසන් වීමට තිබුණේ.

මේවනවිට එම කාලය ගතව අවසන්. එහෙත් යාත්‍රාව සොයා ආරම්භ කල මෙහෙයුම් කිසිසේත් අතනොහරින බව ජීවිතාරක්ෂක කණ්ඩායම් පවසනවා.

එම මෙහෙයුම් සඳහා අමෙරිකාව බ්‍රිතාන්‍ය ප්‍රංශය හා කැනඩාව සිය නෞකා සහ ගුවන් යානා මෙන්ම රොබෝ යන්ත්‍ර ද යොදවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මේ වනවිට සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති අතර අධි තාක්ෂණික උපකරණ පවා ගැඹුරු මුහුදු සීමාවට යොමු කර ඇති බවයි.

ගලවා ගැනීමේ ප්‍රයත්නයන් තීරණාත්මක මොහොතකට ළඟා වන බැවින් අධි තාක්ෂණික යාත්‍රා සහ වෛද්‍ය නිලධාරීන් ද සෝදිසි මෙහෙයුම් සඳහා එක් කර ඇති බවයි අමෙරිකානු බලධාරීන් පැවසුවේ.