Friday, May 3, 2024

General line - 0115112241

මෝදි අමෙරිකානු කොංග්‍රසය අමතයි.




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ විදේශීය රාජ්‍ය නායකයෙකු අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනට් මණ්ඩලය එකවර ඇමතීම සුවිශේෂී අවස්ථාවක් බවයි.

මීට පෙර එම අවස්ථාව හිමිව තිබුණේ බි්‍රතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් ට සහ දකුණු අප්‍රිකාවේ හිටපු අසහාය නායක නෙල්සන් මැන්ඩෙලා ට පමණයි.

කෙසේවෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතනු ලැබුවේ එරට කතානායක කෙවින් මැකාතිගේ සහ කොංග්‍රසයේ තවත් ප්‍රධානීන් කිහිපදෙනෙකුගේ ආරාධනයකට අනුවයි.

ඒ අනුව කොංග්‍රසය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්රේන අර්බුදය, ගෝලීය ත්‍රස්තවාදය සහ ඉන්දීය සබඳතා සම්බන්ධයෙන් අදහස් පල කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ දිනවල අමෙරිකාවේ රැඳී සිටින්නේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ආරාධනයකට අනුව සිදුකරන රාජ්‍ය සංචාරයට සමගාමීවයි.

හෙටින් එම සංචාරය අවසන් වන අතර අනතුරුව ඔහු ඊජිප්තුව බලා පිටත්ව යාමට නියමිතයි.