Saturday, May 4, 2024

General line - 0115112241

ලොවක් කතා කරන ටයිටෑන් සබ්මැරීනයේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්




ලොව ධනවතුන් පස් දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ ටයිටෑන් සබ්මැරීන අනතුර සම්බන්ධයෙන් මේවනවිටත් ලොව පුරා දැඩි කතාබහක් මතුව තිබෙනවා.

මේවනවිට එම කතා බහ උණුසුම් වී ඇත්තේ ටයිටෑන් සබ්මැරීනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්ලේෂකයින් සහ විශේෂඥයින් ප්‍රශ්න කිරීම් සමඟයි.

එමෙන්ම, ඔවුන් අවධාරණය කරන්නේ පෞද්ගලික අංශය විසින් ගැඹුරු මුහුදේ සිදු කරන ගවේෂණ කටයුතු නියාමනය කිරීමට කාලය එළැඹ ඇති බවයි. 

ඉකුත් ඉරිදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය මෙම ටයිටෑන් සබ්මැරීනය අතුරුදන් වූ අතර ඒ පිළිබඳ තොරතුරක් හෝ අනාවරණ වුණේ අද දිනයේයි.

එම තොරතුරෙහිද සඳහන් වූයේ සබ්මැරීනය ගැඹුරු මුහුදේදී පුපුරා ගොස් ඇති බවයි. එහි සුන්බුන් ටයිටැනික් නෞකාවට අඩි 1,600ක් දුරින් තිබියදී සොයා ගැනුණා.

ලොවම කතා කරන ටයිටෑන් සබ්මැරීන අනතුර පිටුපස ඇති තවත් කතා රැසක් ඇතුළත් විශේෂ වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.