Thursday, May 9, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත තරඟය අද




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරඟයක් සිම්බාබ්වේ බුලවායෝහිදී් අද පැවැත්වෙනවා.

ඒ,  අයර්ලන්ත කණ්ඩායම සමගයි. ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩයේ පෙරමුණේ පසු වන්නේ පැවති තරඟ දෙකම ජය ගනිමින්.

කෙසේ වෙතත් අයර්ලන්ත කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තුන්වන තරඟයට අද ක්‍රීඩා කරනු ලබන්නේ මීට පෙර පැවති තරඟ දෙකම පරාජයට පත්ව ඇති පසුබිමක් තුළයි.

මේ අතර ඕමාන කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තවත් තරඟයක් අද පැවැත්වෙනවා.

එම තරඟ දෙකම ආරම්භ වීමට ඇත්තේ මෙරට වේලාවෙන් දහවල් 12යි 30 ටයි.