Wednesday, May 8, 2024

General line - 0115112241

මත්පෙති ලබා දී කාන්තාවන්ගේ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට




බස්රථවල ගමන් කරන කාන්තාවන්ට මත්පෙති ලබා දී ඔවුන් සතු රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලිමකදීයි.

මත්පෙති 04ක්, රන් මාලයක්, රන්මුදු 03ක් සහ රන් අත් පළඳනාවක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 53ක් වන රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.