Thursday, May 9, 2024

General line - 0115112241

අස්වැසුම වැඩසටහන නවත්වන්නේ නැහැ - රජය කියයි

චන්ද්‍රකුමාර




අඩු ආදායම්ලාභින්ට සහනාධාර ලබා දීමේ අපේක්ෂාවෙන් රජය විසින් ආරම්භ කළ අස්වැසුම සුබසාධන වැඩසටහන නැවැත්වීමේ හැකියාවක් නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

වැඩසටහන අත්හිටුවීමට පියවර ගතහොත් කිසිදු පාර්ශවයක් සඳහා ප්‍රතිලාභ නොලැබෙන බවයි ඔහු පැවසුවේ.

එබැවින් අඩුපාඩු මඟහරවා ගෙන කිසිදු පාර්ශවයකට අසාධාරණයක් නොවන පරිදි අස්වැසුම සුබසාධන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.

ප්‍රතිලාභින් ලෙස තෝරා ගැනීමේදී සලකා බලන කරුණු මත පදනම්ව මෙම වසරේදී සුදුස්සන් වන පුද්ගලයින් ලබන වසරේදී වෙනස් විය හැකි බවද වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.

 

සහනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන පුද්ගලයින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් පුරවැසියන් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය සතු වගකීමක් බවයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.