Wednesday, May 8, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවට හොරු යැව්වේ කවුද?

දීපාල් ද සිල්වා,කමල් සුරවීර




එළඹෙන මාසයේදී  එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරන බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

පැරණි ව්‍යවස්ථාවෙන් රට ගොඩගත නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට ජනතාව චෝදනා එල්ල කළද එම මන්ත්‍රීවරුන් තෝරා පත් කරන්නේද ජනතාව විසින්ම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන හික්කඩුවේදී පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමට එක් වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.

ආර්ථිකය නංවා රට සංවර්ධනය කළ හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

 

ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙංකඩගල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින්.