Thursday, May 9, 2024

General line - 0115112241

මහනුවර පොත් දැක්ම 2023 ’ හෙට ඇරඹේ




ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කරන සෙංකඩගල මහ පොත් මංගල්‍යය ‘ මහනුවර පොත් දැක්ම 2023 ’ හෙටින් ආරම්භ වනවා.

ඒ, කැන්ඩි සිටි සෙන්ටර් හිදීයි.

හෙට දින සිට ජූලි 02 දක්වා උදෑසන 09 සිට රාත්‍රී 7 දක්වා එම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි සංවිධායක සහ ව්‍යාපෘති සභාපති පද්මසිරිද සිල්වා.

මේ අතර මහනුවර පොත් දැක්මට පැමිණෙන ඔබට “අලුත් පොතක් දන්දෙමු” මැයෙන් නෙත් එෆ් එම් රේඩියෝව සිදු කරන සමාජ සත්කාරක වැඩසටහනට දායක වීමටද අවස්ථාව හිමිවනවා.

ඒ සඳහා ඔබ සිදු කළ යුත්තේ ඕනෑම පිටු ප්‍රමාණයකින් යුත් කොටු රූල්, තනි රූල් , CR , චිත්‍ර පොත් ආදී අලුත් පොත් ඔබට හැකි අයුරින් කැන්ඩි සිටි සෙන්ටර්හි නෙත් කණ්ඩායමට භාර දීමයි.

සෙංකඩගල මහා පොත් මංගල්‍යය ‘ මහනුවර පොත් දැක්ම 2023 ’ සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් රේඩියෝවයි.