Saturday, May 11, 2024

General line - 0115112241

දිමුත් කරුණාරත්න මංගල ශතකය වාර්තා කරයි




එක්දින පිටියේ සිය 11වන අර්ධ ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද සමත් වුණා.

ඒ, අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 3න්වන තරඟයේදීයි.

දිමුත් කරුණාරත්න පිට පිට ලබා ගත් 5වන අර්ධ ශතකය මෙයයි.

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 32ක් අවසානයේ කඩුලු 2 දැවී ලකුණු 201ක් රැස් කර ගෙන සිටියා.

පළමු කඩුල්ල ලෙස ලකුණු 20ක් ලබා සිටි පැතුම් නිස්සංක දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා ක්‍රීඩා ගාරය වෙත හරවා යැවිමට අයර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඉන් අනතුරුව පිටියේ ස්ථාවර වූ දිමුත් කරුණාරත්න සහ සදීර සමරවික්‍රම එක්ව තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 153ක සබඳතාවක් ගොඩ නගා තිබෙනවා.

නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 93 ලබා සිටින අතර සදීර සමරවික්‍රම ලකුණු -73 යි.

තරඟ දෙකම පරාජයට පත් වූ අයර්ලන්ත කණ්ඩායම බී කාණ්ඩයේ 4වන ස්ථානයේ රැඳී සිටිනවා.