Monday, May 13, 2024

General line - 0115112241

පොලිස්පතිට සේවා දිගුවක් ?




පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද රැස්වන ආරක්ෂක කවුන්සිලයට කැඳවා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශයේදී එම කවුන්සිලය රැස් විමට නියමිතව ඇත්තේ පෙරවරු 10ටයි.

පොලිස්පති සී ඩී වික්‍රමරත්නට ලබා දී තිබූ සේවා දිගුව පසුගිය 25 වනදායින් අවසන් විමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් ඊයේ පස්වරු 6ට පමණ පැමිණ ඔහු පොලිස් මූලස්ථානයේ සිය කාර්යාලයේ රාජකාරී සිදු කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පොලිස්පතිවරයාගේ සේවා කාලය යළී දීර්ඝ කිරිම හෝ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව නොමැති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ. 

මේ අතර ගුවන් හමුදාපති එයාර් මාෂර්ල් සුදර්ශන පතිරණට ලබා දී තිබූ මාස 6ක සේවා දිගුව ලබන 30වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව ගුවන් හමුදාපති ධූරයට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂර්ල් උදේනි රාජපක්ෂ පත්වනු ඇති බවටයි වාර්තා වුණේ.