Monday, May 13, 2024

General line - 0115112241

අස්වැසුම ප්‍රතිලාභි ලේඛනයේ නම නැති අයට රජයෙන් යළි දැනුම්දීමක්




විවිධ කණ්ඩායම්වලට දේශපාලන බලපෑමකට හසු නොවී අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නොමැති සියලු දෙනා ජූලි මස 10වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අභියාචනා ලබා දිමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ. 

ආණ්ඩුව විසින් අස්වැසුම ප්‍රතිලාභය හඳුන්වා දෙනු ලැබුවේ ජනතාවගෙන් ඡන්දය ලබා ගැනීමේ අරමුණින් බව නිදහස ජනතා සභාව අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසුවා. 

අස්වැසුම ප්‍රතිලාභය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයන්ට බලපෑ හේතු පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය හමුවේ දැක්වූයේ මෙවන් අදහසක්.

ඒ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහද අදහස් පළ කළා.

මේ, එක්සත් ජාතික පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අස්වැසුම ප්‍රතිලාභය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම්.