Monday, May 13, 2024

General line - 0115112241

මෙරට රිලවුන් ගෙනයන්න චීන සමාගමක් තවමත් අපේක්ෂාවෙන්




මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමට අවසර දෙන්නැයි එරට සමාගමක් යළි ඉල්ලා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.  

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම චීන සමාගමේ නියෝජිතයින් තවදුරටත් මෙරට රැඳී සිටින බවයි. 

කෙසේ වෙතත් මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව ඊයේ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.

ඒ, මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය  බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා  පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.