Sunday, May 19, 2024

General line - 0115112241

අස්වැසුමෙන් අසාධාරණයට ලක් වූ ජනතාව වෙනුවෙන් පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අරගලයක




ආණ්ඩුව සමඟ අරගල කර හෝ අස්වැසුම ප්‍රතිලාභය අඩු ආදායම්ලාභින්ට ලබාදීමට පියවර ගන්නා බව සමස්ත ලංකා සමෘද්ධි කෘෂි නිලධාරීන්ගේ වෘත්තිය සමිතිය පවසනවා.

එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පැවසුවේ එම ගැටලුව එලෙස විසඳා ගැනීමට නොහැකි වුවහොත් තමන් අඩු ආදායම්ලාභින්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

අස්වැසුම ප්‍රතිලාභය සඳහා තෝරාගැනීමට සිදුකළ සමීක්ෂණය වැරදි නිර්ණායක මත සිදුකර ඇති බවද සමස්ත ලංකා සමෘද්ධි කෘෂි නිලධාරීන්ගේ වෘත්තිය සමිතියේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර වැඩිදුරටත් සඳහන් කළා.