Wednesday, May 22, 2024

General line - 0115112241

මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් ඇතුළු පිරිසක් හෙට රජයේ මුදල් පිළිබඳ කාරකසභාව හමුවට




මහ  බැංකු අධිපතිවරයා ඇතුළු මුදල් මණ්ඩලය, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු නිලධාරීන්, බැංකු ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් හෙට දිනයේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරන සැලැස්ම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් එහිදී කරුණු විමසීමට බලාපොරොත්තු වන බවයි.

සමගි ජනබලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

අදාළ යෝජනාවලියේ කරුණු අධ්‍යයනය කර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.