Saturday, May 4, 2024

General line - 0115112241

ලෝකයට අවශ්‍ය පුටින්ගේ මරණය බව යුක්රේන ජනපති කියයි




යුක්රේන යුද්ධයේදී මේ දක්වා කාලය තුළ රුසියානු වැග්නර් කුලී හමුදාවේ සාමාජිකයින් 21,000 ක් පමණ මියගොස් ඇතැයි යුක්රේනය පවසනවා.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසන්නේ දරුණු සටන්කාමී කණ්ඩායමක් වන වැග්නර් හමුදාවට නැගෙනහිර යුක්රේනයේ දී දැඩි හානි සිදුව ඇති බවයි.

යුක්රේන ජනාධිපතිවරයාට අනුව යුද්ධයේදී වැග්නර් හමුදා සාමාජිකයින් 80,000 කට වඩා  තුවාල ලබා තිබෙනවා.

වැග්නර් කුලී හමුදාවට මේවනවිට අහිමිවීමට කිසිවක් නැතැයි ද යුක්රේන ජනාධිපතිවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර සිය ජීවිතය පිළිබඳ බියක් නොමැතිදැයි මාධ්‍ය හමුවකදී යුක්රේන ජනාධිපතිවරයාගෙන් විදෙස් මාධ්‍යවේදීන් විමසා තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ ජීවිතය පිළිබඳ බිය විය යුතු තමන් නොව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බවයි.

තමන්ව ඝාතනය කිරීමට අවශ්‍ය වන්නේ රුසියාවට පමණක් වුවත් ලෝකයටම පුටින්ව ඝාතනය කිරීමට අවශ්‍ය බව යුක්රේන ජනාධිපතිවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.