Friday, May 3, 2024

General line - 0115112241

පලස්තීන සටන්කාමීන් සොයා ඊශ්‍රායලයෙන් ප්‍රභල මෙහෙයුමක්




පලස්තීන සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලය මහා පරිමාණ හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ, වෙස්ට් බෑන්ක් කලාපයේ ජෙනින් සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මාධ්‍ය වාර්තා කරන පරිදි ගුවන් ප්‍රහාර මාලාවකින් අනතුරුව ඊශ්‍රායලය අදාළ ප්‍රදේශයට සන්නද්ධ හමුදාව යොමු කර ඇතැයි සඳහන්.

අනතුරුව වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පලස්තීන පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව   50 කට අධික පිරිසක් තුවාල ලැබූ බවයි.

කෙසේවෙතත් ජෙනින් කලාපයේ ත්‍රස්තවාදීන් විසින් සිදුකර ඇති ඉදිකිරීම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා ඇත්තේ.

එහෙත් වෙස්ට් බෑන්ක් කලාපයේ සියලු ප්‍රදේශ වෙත මෙම මෙහෙයුම දියත් නොකරන බව ද ඊශ්‍රායලය පවසනවා.

පලස්තීනය චෝදනා කරන්නේ සරණාගත කඳවුර විනාශ කර එහි සිටින ජනතාවට උන්හිටිතැන් අහිමි කිරීමට ඊශ්‍රායලය උත්සහ කරන බවයි.