Saturday, May 4, 2024

General line - 0115112241

පකිස්තානය IMF ණය ගන්නන් අතර සිව්වන තැනට




පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩිම ණය ලබාගත් රටවල් අතර සිව්වන ස්ථානයට පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක ණයක් ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත් වීමත් සමගයි.

කෙසේවෙතත් එම ණය මුදල තවමත් පවතින්නේ අනුමත කළ යුතු ලැයිස්තුවේයි.

මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය අනුව ආර්ජන්ටිනාව ඇමෙරිකානු ඩොලර් බිලියන 46ක් ලබා පෙරමුණේ පසුවනවා.

ඊජිප්තුව ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක් ලබාගෙන පසුවන්නේ දෙවැනි ස්ථානයේයි.

යුක්රේනය ඩොලර් බිලියන 12.2ක් ලබාගෙන තෙවැනි ස්ථානයයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.