Sunday, May 19, 2024

General line - 0115112241

හිටපු පොලිස්පති පූජිත් අධිකරණයට

උදය කුමාර




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්  ගොනු කර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සම් විභාගයට පෙනී සිටීම සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියා.

එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද විභාගයට ගැනීමට නියමිතයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මෑතකදී නියෝග කර තිබුණා.

එම නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.