Sunday, May 19, 2024

General line - 0115112241

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අදින් අවසන්




ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අද උදෑසන නිමාවට පත් වුණා.

ඒ, මැණික් ගඟේ ජීවමාලි තොටුපොලේ දියකැපීමේ චාරිත්‍රයෙන් අනතුරුවයි. ඒ පිළිබද තොරතුරු කතරගම නෙත් නිවුස් වාර්තාකරු එම් කේ නන්දසේනගෙන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ පස්වරුවේ ඓතිහාසික කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.

 

කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසදරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

අනතුරුව පැවති ආගමික වතාවත්වලට සහභාගි වී ජනාධිපතිවරයා ආශිර්වාද ලබාගත් බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ අවසන් වූ ඊයේ දිනයේ පෙරහැර ආරම්භ කරමින් කණ්ඩුල හස්ථියා මත සධාතුක කරඬුව තැන්පත් කෙරුණේද ජනාධිපතිවරයාගේ අතින්.  

ඉන් අනතුරුව අවසන් මහා පෙරහැර නැරඹීමටද ජනාධිපතිවරයා එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළා. 

මේ අතර ඊයේ දිනට යෙදී තිබු අධි ඇසළ පොහොය නිමිති කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇසළ කලාප සංවිධාන කර තිබෙනවා.

බදුල්ල හින්නාරන්ගොල්ල අභිනවාරාම විහාරස්ථානය මගින් 11 වන වරටත් සංවිධාන කරන ඇසළ කලාපය එළඹෙන ඉරිදා දිනය දක්වා පැවැත්වෙනවා.

ඒ පිළිබද කරුණු දැක්වූ බදුල්ල හින්නාරන්ගොල්ල අභිනවාරාමාධිපති පූජ්‍ය නෙළුවේ සුමේධ ස්වාමීන් වහන්සේ.

මේ අතර ගාල්ල, අක්මීමණ, හිනිදුම්ගොඩ විජයානන්ද මාවත සමගි තරු තරුණ සමාජය සංවිධාන කරන ඇසළ කලාපය මේ මස 6 වන දින දක්වා පැවැත්වෙනවා.

 

ඒ පිළිබද තොරතුරු එම තරුණ සංවිධානයේ උපදේශක යූ එල් ඩී සම්පත්ගෙන්.