Sunday, May 19, 2024

General line - 0115112241

” එයාර් චයිනා ”  ගුවන් සේවය යළි ගුවන් ගමන් ආරම්භ කෙරේ

ටී කේ ජී කපිල




චීන ජාතික ගුවන් සේවය වන ” එයාර් චයිනා ”  ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

එම සේවාවන් ආරම්භ කරමින් එයාර් චයිනා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ  බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට දිවයිනට පැමිණි එම ගුවන් යානයේ මගීන් 142 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 09 දෙනෙකු පැමිණ තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසර තුනක පමණ කාලයක් එම ගුවන් සේවය මෙරටට සිදුකළ ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබුණා.

සෑම සතියකම සදුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල චීනයේ චෙන්ඩු නගරයේ සිට රාත්‍රී 08.55ට කටුනායක ගුවන් තොටුපොළ වෙත එම ගුවන් සේවයට අයත් යානයක් පැමිණීමට නියමිතයි. එම දිනයන්වල රාත්‍රී 10.15 ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා එම ගුවන් සේවයට අයත් යානයක් පිටත්ව යාමට ද කටයුතු යොදා තිබෙනවා.