Sunday, May 19, 2024

General line - 0115112241

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට අනුමැතිය




දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට අවශ්‍ය සියළු අනුමැතිය ලබාදුන් බව දක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 34 වගන්තිය සමග කියවිය යුතු 55 වන වගන්තිය යටතේ නියෝග කිහිපයක් පනවමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ අරමුණ වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලැස්වීම බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍ය හමුවේ කියා සිටියේ.

එහිදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්ණයකට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.