Sunday, May 19, 2024

General line - 0115112241

විදුලි මිල සහ ගෑස් අඩුවීමේ වාසිය අනුරාධපුර හෝටල් හිමියන් කල් ඇතුවම පාරිභෝගිකයින්ට දෙයි




විදුලි ගාස්තු සහ ගෑස් මිල අඩුවීම සැලකිල්ලට ගනිමින් හෝටල් කෑමවල මිල ගණන් සියයට 10 කින් අඩු කිරීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ආපනා ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඉන්දික අරුණ කුමාර නෙත් නිවුස් වෙත කියා සිටියේ ඇතැම් ආපන ශාලා හිමිකරුවන් විවිධ හේතු දක්වමින් ආහාර මිල අඩු කිරීමට අකමැත්තක් දැක්වුවද සිය සංගමය එම තීරණයට එළඹ ඇති බවයි.


මේ අතර සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ විදුලි සහ ගෑස් මිල ගණන් අඩුවීම සැලකිල්ලට ගනිමින් හෝටල් කෑම මිල අඩු කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගන්නා බවයි.