Friday, May 3, 2024

General line - 0115112241

ඊශ්‍රායල හමුදා පලස්තීනයට එල්ල කළ ප්‍රහාර අත්හිටුවයි




පලස්තීන සටන්කාමීන්ට එරෙහිව වෙස්ට් බෑන්ක් කලාපයේ “ජෙනින්” සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා ක්‍රියාත්මක කළ මෙහෙයුම අවසන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ දින දෙකක මෙහෙයුමෙන් පසු ඊශ්‍රායල හමුදා ජෙනින් සරණාගත කඳවුරෙන් ඉවත් වීම ආරම්භ කර ඇති බවයි.

ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 12 දෙනෙකු මිය ගිය අතර සිය දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා. ඊශ්‍රායල සොල්දාදුවෙකුද එම මෙහෙයුමේදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එම මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේදී ප්‍රකාශ කළේ ජෙනින් කලාපයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කර එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.