Sunday, May 19, 2024

General line - 0115112241

තවත් බන්ධනාගාර නිලධාරියෙකුට පාතාලයෙන් මරණ තර්ජන




මීගමුව බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නිලධාරියෙකුට විදේශ ගත පාතාල කල්ලි සාමාජිකයකු විසින් මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අදාළ නිලධාරියාට දුරකථනය හරහා එලෙස මරණ තර්ජන සිදුකර ඇත්තේ ඩුබායිහි සැඟව සිටින “හඳයා” නමැත්තා බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

ඊයේ පස්වරුවේ අදාළ නිලධාරියාට එලෙස මරණ තර්ජන සිදුකර තිබෙනවා.

ඵ්, එම බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් තිදෙනකුට බන්ධනාගාරයේ රැඳි සිටීමට බාධා නොකරන  ලෙස පවසමින්.

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසට ගොස් මරණ තර්ජන සිදු කිරීමේ සිද්ධියට ඉකුත්දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් තිදෙනාට එලෙස බාධා නොකරන ලෙසයි තර්ජනය කළ පුද්ගලයා පසා ඇත්තේ. 

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය සහ බන්ධනාගාර බුද්ධි අංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාව වෙතද පැමිණිලි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා.