Friday, May 3, 2024

General line - 0115112241

ඉකුත් ජූලි 03 ලොව උණුසුම්ම දිනය ලෙස වාර්තා වෙයි




මෑත ඉතිහාසයේ ලොව වඩාත් උණුසුම්ම දින ලෙස පසුගිය ජූලි මස 03 වනදා වාර්තා අතරට එක්ව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

ඒ අනුව පසුගිය ජූලි 03 වනදා ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කරන්නේ.

ලොව සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 ක් දක්වා ඉහළ ගිය පළමු අවස්ථාව ලෙසද එය වාර්තා අතරට එක්ව තිබෙනවා.

එක්සත් ජනපද පර්යේෂකයින් පවසා ඇත්තේ මෙම නව වාර්තාව 19 වන සියවස අග භාගයේ සිට මේ දක්වා වාර්තාවූ ඉහළම උෂ්ණත්වය වන බවයි.

පාරිසරික පුරෝකථනය සඳහා වන එක්සත් ජනපද ජාතික මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව මීට පෙර ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 16 දශම 9 යි 2 ක් වාර්තා වී ඇත්තේ 2016 වර්ෂයේ අගෝස්තු මාසයේදීයි.

මේ අතර මෙතක් වාර්තාවී ඇති ලොව උණුසුම්ම මාසය ලෙස පසුගිය ජුනි මාසයද වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඒලිලිනෝ ස්වභාවික කාලගුණික සිදුවීම් සහ මිනිසා විසින් සිදුකරන කාබන්ඩයොක්සටිඩ් වායු විමෝචනයේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උණුසම ඉහළ යමින් ඇති බව විද්‍යාඥයන පවසනවා.