Sunday, May 19, 2024

General line - 0115112241

නටාෂා එදිරිසූරියට ඇප

උදය කුමාර




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නටාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නියෝගය නිකුත් කළේ ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.