Monday, May 20, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමේ නව සභාපති වැඩ අරඹයි




මැතිවරණ කොමිශන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක අද එම ධූරයේ රාජකාරී ආරම්භ කළා.

මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් ලෙස පත් කෙරුණු හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී. පෙරේරා සහ නීතීඥ අමීර් මොහොමඩ් ෆායිස් ද අද දින සිය රාජකාරී ආරම්භ කළ බවයි මැතිවරණ කොමිශන් සභාව නිවේදනය කළේ.

මේ අතර මානව හිමිකම් කොමිශන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණු විශ්‍රාම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය ද ඊයේ දිනයේදී එම ධූරයේ රාජකාරී ආරම්භ කළා.