Monday, May 20, 2024

General line - 0115112241

හෝටල් කෑම මිල සියයට 10 කින් අඩු කිරීමේ තීරණයක්




අද සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුලු හෝටල් කෑම මිල සියයට 10 කින් අඩු කිරීමට සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, ගෑස් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින්. කෙසේවෙතත් තේ සහ කිරි කොප්පයක මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.