Monday, May 20, 2024

General line - 0115112241

ඖෂධ මිල බස්සන්න බැරි හේතුවක් මැති සබයේදී එළියට




හදිසි මිලදී ගැනීම් යනුවෙන් පවසමින් ගුණාත්මක භාවයෙන් අඩු ඖෂධ මෙරටට මිලදී ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ස්ථාවර නියෝග යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ප්‍රශ්ණයක් යොමුකරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට පත් කිරීම් නිසි ආකාරයෙන් සිදුනොවන බවටද විපක්ෂ නායකවරයා එහිදී චෝදනා කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ඖෂධ නියාමන අධිකාරියට අරක්ගත් කොට්ඨාශයක් ඖෂධ මිල වැඩිවීමට ප්‍රධාන හේතුවක් බවයි.

 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු කිසිදු නාමයෝජනාවක් ප්‍රතික්ෂේප කර නෙකාමැති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියා.