Monday, May 20, 2024

General line - 0115112241

අඟහරු ග්‍රහයාට සමරූපි පාෂාණ මෙරට ඇත්දැයි සොයා පර්යේෂණ තවදුරටත්




අඟහරු ග්‍රහයාට සමරූපි පාෂාණ මෙරට ඇත්දැයි සොයා සිදුකරන පර්යේෂණ තවදුරටත් සිදුවන බව නාසා ආයතනයේ විද්‍යාඥයින් පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සුනිති කරුණාතිලක සඳහන් කළේ අඟහරු ග්‍රහයාගේ පරිණාමය සම්බන්ධයෙන් මේවනවිට පර්යේෂණ සිදුවන බවයි. 

නාසා ආයතනය සමඟ එක්ව පරීක්ෂණ කණ්ඩායම් කීපයක් අම්බලන්තොට, උස්සන්ගොඩ ප්‍රදේශයේ මේවනවිට පාෂාණ පරික්ෂාවක නිරතව තිබෙනවා.

උසන්ගොඩ කන්දේ පාෂාණ අඟහරු ග්‍රහයාට සමරූපි පාෂාණ ද යන්න සොයා බැලීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණයි.

අඟහරු ග්‍රහයාගේ පිහිටි පාෂාණවලට සමරූපී පාෂාණ යැයි සිතිය හැකි පාෂාණ පිහිටි මෙරට ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහන යටතේ උස්සන්ගොඩ කන්ද ආශ්‍රිත ස්ථානය එලෙස පරික්ෂාවට ලක් කර තිබෙනවා.

ඒ, නාසා ආයනයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු මෙරට විශ්ව විද්‍යාලවල පරීක්ෂණ කණ්ඩායමක් එක්වයි. 

අඟහරු ග්‍රහයාගේ පිහිටීම සම්බන්ධව දුරස්ථව සිදුකළ පරීක්ෂණවල ප්‍රතිපල මත, එහි ඇතැයි අනුමාන කෙරෙන පාෂාණවලට සමාන පාෂාණ මෙරට තුළ තිබේදැයි තහවුරුකර ගැනීම සඳහා නාසා ආයතනය සමඟ මෙම පර්යේෂණ සිදු කරන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූුගර්භ විද්‍යාඅංශයේ ආචාර්ය ප්‍රසන්න ලක්ෂිත කියා සිටියේ.