Saturday, May 4, 2024

General line - 0115112241

අමෙරිකාවෙන් යුක්රේනයට පොකුරු බෝම්බ




යුක්රේනයට පොකුරු බෝම්බ යැවීමට අමෙරිකාව තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ එය තමාට මහත් අසීරු තීරණයක් වූ බවයි. එහෙත් පවතින තත්ත්වය අනුව එම තීරණයට එළඹීමට සිදුවූ බවයි ඔහු පවසා ඇත්තේ. යුක්රේනයට අවශ්‍ය උණ්ඩ මේවනවිට අවසන් වී ඇති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්රේනයට පොකුරු බෝම්බ ලබාදීම සම්බන්ධයෙන් මිත්‍ර පාර්ශවයේ රටවල් සමග සාකච්ඡා කළ බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇතැයි සඳහන්. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම මතභේදාත්මක තීරණයට එළඹ ඇත්තේ ලබන සතියේ ලිතුවේනියාවේදී නේටෝ සංවිධානයේ විශේෂ සමුළුවක් ද පැවැත්වීමට නියමිත පසුබිමක් තුළයි.
කෙසේවෙතත් අමෙරිකාවේ මෙම තීරණය සම්බන්ධයෙන් යුක්රේනය මෙන්ම රුසියාව ද ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසන්නේ අමෙරිකාව ගෙන ඇත්තේ කාලෝචිත තීරණයක් බව හා ඒ සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරන බවයි. කෙසේවෙතත් එම තීරණයට දැඩි විරෝධය පල කරන රුසියාව සඳහන් කළේ එය නරුම තීරණයක් බවයි.