Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දීය විදේශ ලේකම් ලබන සතියේ දිවයිනට




ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිත බවට වාර්තා පළ වනවා.

කෙසේවෙතත් ඔහු මෙරටට පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙතෙක් තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ. 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම මස මැද භාගයේදී සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද මෙම ඉන්දීය සංචාරය සඳහා එක්වීමට නියමිතව ඇතැයි ද වාර්තා වුණා. ඊට පෙර ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.