Saturday, May 18, 2024

General line - 0115112241

ප්‍රංශයේ ජාතික දිනය වෙනුවෙන් ඉන්දියාවට විශේෂ ආරාධනයක්




ප්‍රංශයේ ජාතික දිනය හෙවත් බැස්ටිල් දිනය මෙම මස 14 වනදාට යෙදී තිබෙනවා. මෙවර එහි ගෞරවනීය රාජ්‍ය නායකයාගේ සහභාගීත්වය වෙනුවෙන් ආරාධනය හිමිව ඇත්තේ ඉන්දියාවට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙවර ප්‍රංශ බැස්ටිල් දිනයේ ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතයි. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් වැසින් එම ආරාධනය සිදුකර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාව සහ ප්‍රංශය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වසර 25 ක් සපිරීම ද මෙවර සැමරෙන බව සඳහන්. බැස්ටිල් දිනය වෙනුවෙන් ප්‍රංශ හමුදාව සිදුකරන හමුදා පෙළපාලිය සඳහා ද ඉන්දීය හමුදාවේ භට පිරිසක් සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.