Saturday, May 18, 2024

General line - 0115112241

ගිනි අවියකටත් වඩා භයානක සියලු පුද්ගලයින් අතරැඳි මෙවලම




විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික සම්බන්ධතා ඇතුළත් දර්ශන වීඩියෝ කර ඒවා සමාජ මාධ්‍යට මුදා හැරීම හරහා සමාජගත වන්නේ භයානක පූර්වාදර්ශයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ්  පවසනවා.

එවැනි සිද්ධින් හරහා අගතියට පත්වන පාර්ශව සිත් තැවුල් සහ කලකිරීම් හේතුවෙන් සිය ජීවිතයට හානි කර ගැනීමට පවා යොමු විය හැකි බැවින් එවැනි ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. 

එවැනි වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම තුළින් සමාජ මාධ්‍ය සඳහා වාරණ පැනවීම සඳහා පාලකයින්ට ද පසුබිමක් සකස් වන බවද මහාචාර්ය මොහොමඩ් මහීෂ් මෙහිදී කියා සිටියා.  

 

සමාජ මාධ්‍ය නිවැරදිව භාවිත නොකරන්නේ නම් එය ගිනි අවියකටත් වඩා භයානක විය හැකි බව ද කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ්  වැඩිදුරටත් පෙන්වා දුන්නා.