Saturday, May 18, 2024

General line - 0115112241

ඔබේ දරුවත් දැඩිව දුරකතනයට ඇබ්බැහි වෙලාද?




සිය දරුවන් ජංගම දුරකථන ආධාරයෙන් අන්තර්ජාලය භාවිත කර තොරතුරු හුවමාරු කර ගන්නේ නම් මව්පියන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසනවා.

දරුවන්ට සමීප වී ඔවුන් සමග විශ්වාසනීය සබඳතාවක් ගොඩනගා ගැනීම තුළින් ඔවුන් අන්තර්ජාලය හරහා නුසුදුසු ක්‍රියාවලට පෙළඹීම වළක්වා ගත හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. 


යම් පුද්ගලයෙකු විසින් දරුවෙකුගේ පෞද්ගලික තොරතුරු, ලිංගිකත්වයට අදාළ කරුණු, ඡායාරූප හෝ වීඩියෝ අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය හරහා හුවමාරු කිරීම පිළිබඳ තොරතුරු ඇත්නම් ජාතික ළමා රක්ෂක අධිකාරියේ 1929 කෙටි දුරකථන අංකයට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවද ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.