Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්දීය සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරුන් අතර හමුවක්




ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එම් ජයශංකර් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සාමාජික රටවල විදේශ අමා්‍යවරුන්ගේ හමුවට සමගාමීවයි.

එහිදී විදේශ අමාත්‍යවරුන් දෙදෙනාගේ ප්‍රමුඛ අවධානයක් යොමුව ඇත්තේ යුක්රේන යුද්ධයට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ද්විපාර්ශවික ආර්ථික ගැටළු පිළිබඳව ද ඉන්දු - රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.