Saturday, May 18, 2024

General line - 0115112241

අධික උණුසුමෙන් අමෙරිකාවට සහ ඉතාලියට බලපෑම්




දකුණු යුරෝපයට දැඩි උණුසුම් කාලගුණයක බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියට බවයි. ඉතාලයේ නගර 15කට දැඩි උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් පවා අධික උෂ්ණත්වයෙන් අවදානමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රෝමය, ෆ්ලෝරන්ස් සහ බොලොග්නා ඇතුළු සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන නගර උණුසුම හමුවේ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ අතරට අයත්. ඉතාලියට අමතරව ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය සහ පෝලන්තය වැනි රටවලට ද අධික උෂ්ණත්වයෙන් බලපෑම් එල්ල වී ඇතැයි සඳහන්.
මේ අතර අමෙරිකාවට ද දැඩි උණුසුම් කාලගුණයක බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ෆ්ලොරීඩා, ටෙක්සාස් සහ කැලිෆෝනියා යන ප්‍රාන්ත සඳහා ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. අධික උෂ්ණත්වය හමුවේ අවම වශයෙන් අමරිකානුවන් මිලියන 113කට පමණ බලපෑම් එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ටෙක්සාස් ප්‍රාන්තයේ වැසියන් වායු සමීකරණ භාවිතය ඉහළ යාම හමුවේ එම ප්‍රාන්තයේ විදුලි පරිභෝජනය ද සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇතැයි බලධාරීන් පවසනවා.

ඉදිරි දින කිහිපයේදී අමෙරිකාවට සෙල්සියස් අංශක 43 ක පමණ උෂ්ණත්වයක් බලපානු ඇති බවත් ඉන් පුද්ගලයින් මිලියන 27 ක් පමණ බලපෑමට ලක් වනු ඇති බවත් අමෙරිකානු කාලගුණ බලධාරීන් අනතුරු අගවා තිබෙනවා.