Saturday, May 18, 2024

General line - 0115112241

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පකිස්තාන රේගු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට




මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පකිස්තානය එරට රේගු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් එම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මූල්‍ය වංචාව හෙළිදරව් වීමත් සමග එම නිලධාරීන් අතුරුදන්ව ඇති අතර අනතුරුව ඉස්ලාමාබාද් නුවරදී සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් වරායේ ඇති විවිධ ජාවාරම්කරුවන් විසින් ගෙන්වූ භාණ්ඩ නිෂ්කාශනය කිරීම සඳහා චෙක්පත් මගින් මුදල් ලබා ගෙන ඇති බව අනාවරණ වී තිබෙනවා.

එලෙස වංචා කර උපයා ගත් බවට සැකකෙරෙන පකිස්තාන රුපියල් මිලියන 5යි දශම 4ක මුදලක් ද සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ