Saturday, May 18, 2024

General line - 0115112241

අධික උණුසුමෙන් යුරෝපය අවධානමක




යුරෝපයට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

යුරෝපා කලාපයේ දූපතක් වන සාඩිනිවේ උෂ්ණත්වය අද දිනයේදී සෙල්සියස් අංශක 46ක් නැතහොත් ෆැරන්හයිඩ් අංශක 114යි දශම 8ක් දක්වා ඉහළ යා හැකි බවටයි කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ රටවල් රැසකට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය අගෝස්තු මාසය දක්වා පැවතිය හැකි බවයි. 

උතුරු අමෙරිකානු කලාපයට නිරිත දෙසින් පවතින තාප තරංග තවත් සතියක කාලයක් පවතිනු ඇති බවද කාලගුණ බලධාරීන් පවසනවා.

චීනයේ බීජිං නගරයේ උෂ්ණත්වය මෙම සති අන්තය දක්වා ෆැරන්හයිඩ් අංශක 100ක පමණ මට්ටමක පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

කෙසේ වෙතත් චීනයට ඉකුත් දිනවල දැඩි වර්ෂාවක් ලැබීම හේතුවෙන් උණුසුම් කාලගුණය තරමක් දුරට අඩු වීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.