Friday, May 3, 2024

General line - 0115112241

පොස්පේට් සමාගමේ සේවකයෙකු නිලධාරියෙකුට පහරදීම ගැන පැමිණිල්ල විභාග කෙරේ

තිසර සමල් සෝමරත්න




රාජ්‍යය අමාත්‍ය චාමර සම්පත් දසනායක එප්පාවල, ලංකා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර ඇති වූ උණුසුම් තත්වයකදී සේවකයකු විසින් විධායක නිළධාරියකුට පහරදීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද එප්පාවල පොලිස් ස්ථානයේදී විභාගයට ගැණුනා.

අනතුරුව එම පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කිරීමටයි එප්පාවල පොලීසිය පියවර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් පහරකෑමට ලක් වූ විධායක නිළධාරීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙතරම් බරපතල සිද්ධියක් සමථ මණ්ඩලයට යොමු කිරීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවයි.