Friday, May 3, 2024

General line - 0115112241

ශෂිනි ක්‍රීඩාව අත්හැර ගෘහ සේවයට යාම සම්බන්ධයෙන් වගකිවයුත්තෝ කවුද ?




ජාතික රිටි පැනීමේ ශූරිය වූ ශෂිනි කෞෂල්‍යා පෙරේරා, ක්‍රීඩාව අත්හැර මැදපෙරදිග ගෘහ සේවයට යාම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව අවධානය යොමුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ කියා සිටියේ රට කොතරම් ආර්ථික අර්බුදයක පැවතියද මෙවර ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේදී බලගතු රටවල් පරාජය කරමින් රට ඉහළට ඔසවා තැබීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූ බවයි.