Thursday, May 2, 2024

General line - 0115112241

උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක්




2023 අපොස උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමට ඔස්සේ අයදුම්පත් කැඳවීම මෙම මස 28 වනදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ එම විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම මේ මස 07 වනදා ආරම්භ කළ බවයි.

අදාළ කාල සීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් නොකරන, විභාගය සඳහා ප්‍රථම වතාවට පෙනී සිටින කිසිදු අයදුම්කරුවෙකුට නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා සහන කාල සීමාවක් ලබානොදෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

2023 අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 27 වන දින සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමටයි දින නියම කර ඇත්තේ.

මේ අතර 2022 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට හැකිවනු ඇති බවටද විභාග කොමසාරිස් ජනරාල්වරයා විශ්වාසය පළ කළා.