Saturday, May 18, 2024

General line - 0115112241

චීන විදේශ ඇමති හදිසියේ අතුරුදන්




චීනයේ විදේශ කටයුතු අමාත්‍ය කින් ගැන්ග් ගේ හදිසි අතුරුදන්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ සති 3 කට ආසන්න කාලයක සිට විදේශ අමාත්‍යවරයා චීන රජයේ කිසිඳු උත්සව අවස්ථාවකට හෝ රාජ්‍ය තාන්ත්‍රික හමුවකට සහභාගී වි නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් කතාබහක් මතුවූයේ ඉකුත් දා ඉන්දුනීසියාවේ පැවැති ආසියාන් සමුළුවට චින විදේශ අමාත්‍යවරයා සහභාගී නොවන බව චීනය නිවේදනය කිරීමත් සමගයි. චීන විදේශ අමාත්‍යවරයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව එම අමාත්‍යංශය නිවේදනය කර තිබුණා. 
ඒ අනුව චීන විදේශ අමාත්‍යවරයා වෙනුවෙන් ආසියාන් සමුළුව සඳහා සහභාගී වුණේ එරට ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ලෙස සැලකෙන වැන්ග් යී. ඉන් අනතුරුව පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ට් සහ අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද චිනයේ සංචාරය කළා. එහිදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා වෙනුවෙන් ඔවුන්ව හමුවී තිබුණේ ද චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන වැන්ග් යී. ඔහු සැලකෙන්නේ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සමීපතම සහ විශ්වාසදායි නිලධාරියෙකු ලෙසයි. 
චීන විදේශ අමාත්‍ය කින්ග් ගැන්ග් දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රසාදයට ලක්ව සිටි නිලධාරියෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විදේශ අමාත්‍යධූරයට පත්වීමට පෙර ඔහු කටයුතු කර ඇත්තේ අමෙරිකාවේ හිටපු චීන තානාපති ලෙසයි.