Saturday, May 18, 2024

General line - 0115112241

ආසන 03 කින් බි්‍රතාන්‍යයේ දේශපාලනය හෙල්ලෙයි




බි්‍රතාන්‍ය දේශපාලනය තුළ යළි අර්බුදයක් මතුව තිබෙනවා. ඒ, අද පැවති අතුරු මැතිවරණයකින් පාළක කන්සවේටිව් පක්ෂය පරාජය කරමින් එරට ලේබර් පක්ෂය ජයගැනීමත් සමඟයි.


බටහිර ලන්ඩනයේ සහ උතුරු යෝක්ෂය යන ප්‍රාන්ත ඇතුළුව මැතිවරණ කොට්ඨාශ 03 ක පැවති මෙම මැතිවරණයෙන් පාළක පක්ෂය මේ වන විටත් ඉන් කොට්ඨාශ දෙකක්ම පරාජයවී අවසන්. මෙය අතුරු මැතිවරණයක් වුවද එහි ප්‍රතිඵලය ලනබ වසරේ පැවැත්වෙන මහමැතිවරණයට සෘජු බලපෑමක් සිදුකරනු ඇති බවටයි මත පළ කෙරෙන්නේ. එමෙන්ම බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ රිෂී සුනක්ගේ පාලනය ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන බව දේශපාලන විචාරක අදහසයි. 


බි්‍රතාන්‍ය මන්ත්‍රී මණ්ඩලයේ ආසනයක් මහමැතිවරණයකින් තොරව පුරප්පාඩු වුවහොත් ඒ සඳහා නවක මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමට මෙලෙස අතුරු මැතිවරණයක් පවත්වනවා. කොවිඩ් සමයේ පාර්ලිමේන්තුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවට චෝදනාවට ලක්වීමෙන් අනතුරුව බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ද ඉල්ලා අස්වෙමින්. ඔහුගේ සමීපතමයෙකු ඉන් පසුව ඉල්ලා අස්වූ අතර තවත් මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වී ඇත්තේ කොකේන් පානය කළ බවට වරද පිලිගැනීමෙන් අනතුරුවයි. ඒ අනුව ඔවුන් තිදෙනා වෙනුවෙන් නව මන්ත්‍රීවරු තෝරා ගැනීමට මෙම අතුරු මැතිවරණය අද පැවැත්වුණා.