Friday, September 20, 2024

General line - 0115112241

අඩි 14ක් දිග කිඹුලෙකුට වැඩ පෙන්නූ ‘මචිලි’ දිවි ගමන නිමා කරයි (VIDEO)



ඉන්දියාවේ ඉතාමත්ම මහලු සහ ජනප්‍රියත්වයට පත් වූ ව්‍යාඝ්‍ර ධේනුව ‘මචිලි’ ඔබට මතක ඇති.

මේ ව්‍යාඝ්‍ර ධේනුවට ‘මචිලි’ යනුවෙන් නම් තබා ඇත්තේ ඇගේ සමේ මත්සයෙකුගේ හැඩයෙන් යුතු විශේෂ වයිරන් පැවතීම නිසායි.

‘මචිලි’ යනු හින්දි බසින් මාළුවා යන්නයි.

‘මචිලි’ රාජස්තාන් ප්‍රාන්තයේ ‘රාන්තන්බෝ’ ජාතික වන උද්‍යානයේ දී මිය ගොස් තිබෙනවා.

‘මචිලි’ මිය ගොස් තිබෙන්නේ වයෝවෘද්ධභාවය සහ ස්වභාවික හේතු මත බවයි පැවසෙන්නේ.

ඉන්දියාව පුරා වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ මචිලි,අඩි 14ක් දිග කිඹුලෙකු සමග පොරබදින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල පුරා පසුගිය කාලයේදී ජනප්‍රිය වුණා.

‘මචිලි’ වෙනුවෙන් සමාජ ජාල පිටු කිහිපයක් ද ක්‍රියාත්මක වනවා.එම ෆේස්බුක් පිටුවට මෙතැනින් පිවිසිය හැකියි.

machli-b