Friday, May 3, 2024

General line - 0115112241

අවුන් සාන් සුකී සිරමැදිරියෙන් නිවාස අඩස්සියට




හමුදා පාලනය හමුවේ බලයෙන් පහ කර අත්අඩංගුවට ගෙන සිරදඬුවම් නියම කරනු ලැබූ මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී යළි නිවාස අඩස්සියට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ හුදෙකලා සිර කඳවුරක වසරක පමණ කාලයක සිරකර සිටි අවුන් සාන් සුකී, මේවනවිට රජයේ ගොඩනැගිල්ලක් වෙත ගෙන ගොස් ඇති බවයි. 

හමුදා පාලනයෙන් අනතුරුව පැවැති නඩු විභාග හමුවේ අවුන් සාන් සුකී වෙත වසර 33 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඇගේ වයස මේවනවිට අවුරුදු 78 ක්.

වසර 02 ක සිට අවුන් සාන් සුකීගේ රෝගී තත්ත්වයන් හෝ ඇගේ ශරීර සෞඛ්‍ය පිලිබඳ කිසිඳු වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අවුන් සාන් සුකී සිරමැදිරියකින් නිවාස අඩස්සියට පත් කිරීමට ද මියන්මාර හමුදාව කටයුතු කර ඇත්තේ ඇගේ තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම් හමුවේ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.