Saturday, May 4, 2024

General line - 0115112241

කුරාණයට අත තියා පාකිස්තානයේම ගිනි ඇවිලෙයි




පාකිස්තානය තුළ යළි ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වී තිබෙනවා. 

ඒ, ශුද්ධ වූ කුරානයට හානි කිරීමේ සිද්ධියක් මුල්කොට ගනිමින්. 

පුද්ගලයින් දෙදෙනෙකු කුරාණයේ පිටපතකට හානි කළ බවටත්, ඊට අපහාස කළ බවටත් චෝදනා කරමින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන තිබෙනවා. 

වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන ඇත්තේ පාකිස්තාන පන්ජාබ් ප්‍රාන්තයේයි. 

කලහකාරී මුස්ලිම් වැසියන් සිය ගණනක් ක්‍රිස්තියානි දේවස්ථාන 04 කට පහර දී ගිනි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඊට අමතරව, ක්‍රිස්තියානි බැතිමතුන්ගේ නිවාස රැසකට ද පහර දී ඇතැයි සදහන්. 

කෙසේවෙතත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ක්‍රිස්තියානි දේවස්ථානවලට පහරදීම, ගිනි තැබීම සහ ක්‍රිස්තියානි නිවාසවලට පහර දීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

පාකිස්තානයේ, කුරානයට අපහාස කිරීම, මරණ දඬුවමට ලැබිය හැකි වරදක්.